තමාගේ ම දියණියගේ පයෝදර තුඩඟ මුව තබා තන කිරි ඉරූ පියෙකුගේ අනුවේදනීය වෘතාන්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
Image Source : wikipedia
තම පියා කෙරෙහි දියණියක තුළ පැවති
අසීමිත පිතෘ ධාරක ප්‍රේමයක මහිම.-
තරුණ කාන්තාවක් තම දරුවා සමඟ සිර මැදිරියක සිටින වැඩිහිටි පුරුෂයෙකුට කිරි දෙන මෙම සිතුවම යුරෝ මිලියන 30 කට අලෙවි විය. බැලූ බැල්මට විකෘති බවක් පෙනෙන්නට තිබුණත්, එහි පිටුපස ඇති කතාව ඉතා අනුවේදනීය ජනකය.
ප්‍රංශයේ XIV වන ලුවීගේ පාලන සමයේදී පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට මෙම දුගී මිනිසාට ” කුසගින්නේ තබා මරණයට පත් කිරීමේ “දණ්ඩනය නියම කරන ලදී . කාන්තාව ඔහුගේ එකම දියණිය වූ අතර ඔහුගේ කුටියට පැමිණීමට අවසර ලද එකම අමුත්තා ඇය වුවාය. ඇයට දිනපතා තම පියා බැලීමට යාමට අවසර දී ඇතත් ආහාර රැගෙන යාමට ඇයට අවසර ලැබුණේ නැත. ඇය තම පියා සිර ගත කර සිටි කුටිය පිහිටි පරිශ්‍රයට පිවිසීමට පෙර , රැකවලුන් ඇය ඉන ඉහ අතගා,ඇය තම පියා වෙත කිසිදු ආහාරයක් ගෙන නොයන බව තහවුරු කර ගැනීම නිරන්තරයෙන් සිදු විය.
මාස 4 කට පසුව පවා, මිනිසා තවමත් ජීවතුන් අතරය. කිසිදු ආහාරයක් නොලබන ඔහුගේ බරෙහි කිසිදු අඩු වීමක් දිස් නොවීය. විමතියට පත් බලධාරීන් සිර මැදිරිය අසල සැගවී ඔහු ගැන ඔත්තු බැලීමට පටන් ගති. ඔත්තුකරුවන් මවිතයට පත් කරමින්, අමුත්තිය වටපිට බලා, සිය හැට්ටයෙන් පිටතට ගත් පයෝදර යුග්මයෙන් තම දරුවා වෙනුවෙන් තන පුඩු අගට එරුණු කිරි උපරිමයෙන් තම පියාට උරා ගැනීමට ඉඩ හළේය. ඔත්තුකරුවන් මෙම අපුර්ව පුවත රජු වෙත සැළ කළේය. තම පියා කෙරෙහි කාන්තාව තුළ පැවති දයාව හා සෙනෙහස තේරුම් ගත් රජු ,ඇගේ පියා නිදහස් කිරීමට වහා පියවර ගත්තේය.එම තීරණයෙන් සෑහීමකට පත් නොවූ රජු, මුළු ජීවිත කාලය පුරාවටම එම මිනිසා සහ පවුලේ සියලු දෙනටම නොමිලේ ආහාර පාන සැපයීමට කටයුතු කළ බව දැක්වේ.
පසු කාලයේ මෙම අනුවේදනීය සිදුවීම,බෙල්ගියම,ජර්මනිය,ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල කලාකරුවන් ලෝකඩ පදක්කම්, බිතුසිතුවම්, කැටයම්, චිත්‍ර, තෙල් සිතුවම්, පිඟන් මැටි, කැටයම් කළ ලී සැරසිලි සහ ප්‍රතිමා ඇතුළු පුළුල් පරාසයක ප්‍රතිනිර්මාණය කිරීමට පෙළඹුණහ.
Image Source : artprice
Image Source : wikiart
මෙම සිතුවම්හි , ඒ නිහඬ අත්පාවල රූප සටහන් සජීවී හා හුස්ම ගන්නා සජීවී ස්වභාවයකින්දිස්වේ.පියාගේ දෑත්,දඬුවමක් ලෙසින් පිටුපසට බැඳ ඇති අතර ඔහුගේ උරහිස් සහ යටි සිරුර රෙදි කැබැල්ලකින් ආවරණය කර ඇත,ඔහුගේ මාංශපේශී මතුවූ පපුව සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය වේ. පෙරෝ තම පියා සිමන්ගේ සමීපයට වී, ඇගේ වම් පියයුරු ඔහුට පිරිනමයි.
Image Source : wikipedia
Image Source : vagabondimages
මෙම පිතෘ ස්නයෙහි ප්‍රතිමාව 1741 දී ඉදිකරන ලද්දකි. එය බෙල්ජියමේ බන්ධනාගාරයට ඇතුළු වන දොරටුව මුදුනේ ඇති සම්භාව්‍ය මූර්තියකි. ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ David’t KIndt විසිනි.
Image Source : facebook
1625 රූබන්ස් විසින් ලියන ලද Cimon and Pero නම් කෘතියේ,පියා සහ දියණිය සිමොන් සහ පෙරෝ ලෙසින් දක්වා ඇත.
පුරාණ රෝම ඉතිහාසඥ Valerius Maximus විසින් Factorum ac Dictorum Memorabilium Libri IX හි මෙම කථාව වාර්තා කර ඇති අතර එය pietas (පීතෘ භක්තිය) සහ රෝමානු මහා ක්‍රියාන්විතයක් ලෙස හුවා දක්වයි .
දියණියක සිය පියාණන් මරණයෙන් මුදවා ගැනීම උදෙසා කළ මෙම උත්තරීතර පරිත්‍යාගය මුර්තිමත් කෙරෙන මුල් සිතුවම ආශ්‍රයෙන් ප්‍රතිනිර්මානිත සිතුවම් ,ලොව පුරා කලාගාරයන් හි පමණක් නොව කෞතුකාගාරයන්හී ද ප්‍රදර්ශනය කෙරේ.
ආචාර්ය ගාමිණී කාරියවසම්.